Books Delivered to Your Doorstep
Children’s books, story collections, and educational titles at great prices with fast delivery.
The Bookstore at Your Door
Welcome to Colombo Bookshop, your trusted destination for quality books at affordable prices. We specialize in children’s book sets, story series, and educational books delivered straight to your home.
Book Bundles
View AllBS 0085 - Enid Blyton New Books
1. පර්වත මාලිගාවේ අබිරහස “දෙවියනේ” ගැටිය මත නිහඬව හිදගෙන බ්‍රොක් කල්පනා කළේය. “කවුරු හරි එනවා. අඩුම තරමින් දෙන්නෙක්වත්, ඒත් කොහෙන්ද ඒ මිනිස්සුගේ සද්දෙ ඇහෙන්නේ?” බ්‍රොක්ට ඔහුගේ කටහඬ ඇසුණත් ඔවුන් පවසන්නේ මොනවාද යන්න පැහැදිලිව ඇසුණේ නැත. ක්‍රමයෙන් වඩ වඩාත් උස්ව ඇසුණු ඒ කටහඬ පැමිණියේ රහස් මාර්ගය දෙස සිටය. “දෙවියෝ සාක්කි රහස් මාර්ගය දිගේ කවුරු හරි එනවා”බ්‍රොක් ගේ සිතට බියක් දැනිණි. “ඒ මිනිස්සු වෙන්නැති. පුළුවන් තරම් ඉක්මනට මේ ගල් පුවරුවෙන් මෙතැන වහලා දාන්න ඕනෙ.” 2. ග්රේලින්ග් නිධානය "එහි ඇතුළත දිස්වූයේ අද්භූතාකාරයකිනි. අඳුරු සෙවණැලිවලින් ඇතුළත පිරී තිබූ අතර එය උස් හා රවුම් හැඩැති ගොඩනැගිල්ලක් සේ පෙනිණි. බිත්තියට සවිවූ රවුම් බංකුවක් ද ඈත කෙළවරක ගිනිඋදුනක් ද තිබෙනු දැකිය හැකි විය. එක පසෙක බිත්තියට සමීපව මේසයක් තිබූ අතර ඒ මත යමක් තිබෙන අයුරු ද පෙනිණි. එහෙත් ඒ කුමක් දැයි ළමයින්ට පැහැදිලිව පෙනුණේ නැත." 3. රහස් කන්දේ වික්‍රමය අප්‍රිකාවේ මහා වන මැද පිහිටි අබිරහස් කන්දක වෙසෙන ගෝත්‍රිකයන් පිරිසක් අතරේ බි්රතාන්ය ළමයින් පිරිසක් යෙදුණු වික්‍රමයක් පිළිබඳ මෙම කතාවෙන් විස්තර වෙයි. ලෝක ප්‍රකට ගුවන් නියමුවෝ වු අර්නෝල්ඩ් යුවළ අප්‍රිකාවේදී අතුරුදහන් වුහ. මයික්, ජැක්, නෝරා සහ පෙගී තම මවුපියන් ගැන කනස්සලු වෙද්දී ඔවුන්ගේ සහායට පැමිණියේ කවුරුන්ද? 4. අල්ලපු ගෙදර පිරිමි ළමයා "එදින සන්ධ්‍යාවේ කිට් හමුවන්නට යාමට රොබින්ට හෝ ගැහැනු ළමයින් දෙදෙනාට අවස්ථාවක් නොලැබිණි. වැසි වැටෙන නිසා පිටතට නොගොස් ගෙය ඇතුළට වී කාඩ් ක්‍රීඩාවේ නියැළිය යුතු යැයි අම්මා ඔවුනට නියෝග කළාය. එහෙයින් ඔවුහු ආලින්දයට වී කාඩ් ක්‍රීඩාවේ යෙදුණහ. ඒ අතරතුර කිට් අල්ලපු ගෙදරට වී මහත් වික්ෂිප්තභාවයෙන් යුතුව කල්පනා කළේ කුමක් සිදුවීද? ඒ මිනිහා අල්ලපු ගෙදරට ගියේ කුමකටද? කියාය. 5. බොර්කෙන් මාලිගාවේ වික්‍රමය පාසල් නිවාඩුව ගත කරන්නට පිටිසර පළාතකට යන ළමයින් පස් දෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවෙයි. ඔවුන් සමඟ එකතු වු දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නොවීය.ඔහු රජ කුමරකු බව අනෙක් ළමයින් සිවු දෙනා දන්නේ නැත. ඒ බව දැනගත් වහා ඔවුහු පැහැර ගැනීමකට ලක් වෙති. විදෙස් රටකදී තමන් ද බේරී රජ කුමාරයා ද බේරා ගන්නටත්,බොර්කෙන් මාලිගයේ අබිරහස විසඳා කුමරු බේරා ගැනීමට ඔවුන් දරන උත්සාහය මෙම කතාවෙන් කියැවෙයි. 6. උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය "නිවාඩුවකට පිටිසර බද පළාතකට යන ළමයින් සිවුදෙනා දකින්නේ කන්දක මුදුනේ පිහිටි මාලිගයකි. පාළුවට ගොස් තිබෙන එම මාලිගයට යන ගමනට ළමයින් සිවු දෙනාට එම පළාතේ දැරියක් ද එකතු වෙයි. මාලිගා භූමිය ඔවුනට ක්‍රීඩා පිටියක් හා සමාන වෙද්දී ගල් කුළක් මත කූඩුවක් තනාගෙන සිටින රාජාලි යුවළක් ද ළමයින්ට සමීප වෙති. එහෙත් උන්මත්තකයකුගේ සැලැස්මකට අනුව ඉදි වුවක් සේ පෙනුණ එම මාලිගයේ පොළෝ මට්ටමට යට රහස්‍ය කාමරයක සැඟව සිටි පිරිස කවුරුන්ද? ඔවුන් එහි සැඟව සිටිමින් කළේ මොනවාද? ඔවුන් ගේ අත් අඩංගුවට පත් ළමයින් බේරී ගත්තේ කෙසේද?" 7. සතුරු කොදෙව්වේ වික්‍රමය “ටොම් ! මට ඔය දුරදක්නය දෙන්න” ඇන්ඩි ඉල්ලා සිටියේය. “ඒකෙන් එයාලව හොඳට බලාගන්න පුළුවනි” ඇන්ඩි දුරදක්නයෙන් දෙවැනි දූපත දෙස බැලුවේය. ඉන් මුහුදු අහස්යානය ඉතා ළංව පැහැදිලිව පෙනිණි. පියාපත් මත සටහන්ව තිබූ සතුරාගේ සලකුණු ද ඔහු හොඳින් දුටුවේය. වෙරළේ රබර් බෝට්ටුවක් තිබිණි. ඉන් මිනිසුන් යමක් ගල් ගුහාවට ගෙන යන්නට ඇත. නැති නම් ඔවුන් වෙරළට යන්නට ඇත්තේ ගල් ගුහාවේ තිබෙන මොනවා හෝ අහස් යානය වෙත අරගෙන එන්නටය. “තව කෙනෙක් අහස් යානයේ ඉන්නවා වගේ” ඇන්ඩි කීවේය. “ඕහ්... ඔන්න කීප දෙනෙක් ගුහාවෙන් එළියට එනවා”
LKR 3,450
BS 0080 කදිම පාසලේ පොත් - ඉනිඩ් බ්ලයිට්න්
ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි. සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන අතර එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි. 1. කදිම පාසලේ මහ රෑ සාදය පාසල් විය අතිශය සුන්දර වූවකි. අලුත්ම පාසලකට යාම ද අලුත්ම හා අභියෝගාත්මක අත්දැකීමකි. ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින් ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් වූ සිද්ධි දාමයන් කිහිපයක් හරහා ය. ‘කදිම පාසල’ පොත් පෙළෙන් විස්තර වන්නේ ඕ, සලිවන් නිවුන් සොහොයුරියන්ගේ, ඔවුන්ගේ මිතුරියන්ගේ, ඔවුන්ට සිප් සතර කියා දෙන ගුරුවරියන්ගේ හපන්කම්, මෝඩකම්, ගුණ යහපත් කම් හා විනයානුකූල භාවයන් පිළිබඳ ය. 2. කදිම පාසලේ වීරවරිය "පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොහොරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වු මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත් එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි." 3. කදිම පාසලේ සසල රාත්‍රිය ඔ'සැලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතහැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින්ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් ඌ සිද්ධි දාමයන් කිහිපයක් හරහාය. 4. කදිම පාසලේ හොඳම නිළිය රඟපෑමේත් වයලීන වාදනයේත අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩිස්ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි. කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්, මෝඩකම් අතරේ ඕ'සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳුු ආකාරයකටද? 5. කදිම පාසලේ දුෂ්ඨ පාලිකාව 'කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි ඇගේ දියණිය කේලම්කාරියකි කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ඨ බව කේලම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද?' 6. කදිම පාසලේ නායිකාවෝ 'නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහලම පන්තියකය එහෙත් ඔවුහු තවමත් දඟකාරය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක් තෝරන්නටය වඩාත් හොඳින් වගකීම දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?'
LKR 3,300
BS 0075 ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු
ලොව වඩාත්ම ආදරය කරන ලොව බිහි වූ විශිෂ්ඨතම ළමා කතුවරයෙකු වන ඉනිඩ් බ්ලයිටන්ගෙන් කතා ගණනාවක් ඇතුළත් රසවත් පොත් පිංචක්..... ලොව පුරා දු දරුවන්ට ඇගේ කතා හරහා ළමයින්ට කතා රසයත්, දැනුමත් ,සිත් ඇදගන්නා කතන්දර කීමත්, කියවීමේ විශ්වාසය ගොඩ නංවන හරි අපූරු කතා පෙළක් ඉනිඩි බ්ලයිට්න් කතා පොකුරු -1 "කම්මැලි භූතයා ලෙඩ පතුරුවන කෙනෙක්. ඒ කියන්නේ රෝග වාහකයෙක්. ඔහුව දකින ඕනෙම කෙනෙකුට කම්මැලිකම කියන භයානක රෝගය බෝවෙනවා. ඔයාලා දන්නවානෙ ඒ ලෙඩේ හැදුණු පුංචි ළමයින් හුඟ දෙනෙක් ඔයාලගේ යාළුවන් අතරෙත් ඉන්නවා කියලා. ඒත් ඉගෙනගන්න පුංචි ළමයින්ට වගේම වැඩකරන වැඩිහිටියන්ටත් කොහොමටවත් මේ ලෙඩේ හොඳ නැහැ. කම්මැලි භූතයා සුව කරන්න ගන්නා බෙහෙත් ඔයාලත් දන්නවාද?" ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 2 "හරි මට මතක් වුණා. පුංචි බොබ් හුඟක් හොඳ ළමයෙක්." ඇය සිතුවා." ඇලිස් අසනීප වෙලා ඉද්දී බොබ් හැමදාම ඇලිස්ගේ සුවදුක් බලන්න මෙහෙ ආවා. එයා හැම නත්තලකටම ඇලිස්ට සුබ පැතුම්පත් එව්වා. ඇලිස්ගේ අම්මා, තාත්තා පිටරටක හිටියත් ඇයට පාළුවක් දැනෙන්න බොබ් ඉඩ තිබ්බේ නැහැ. ඒ හින්දා මම මේ පොත බොබ්ට තෑගි දෙනවා." ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 3 "අමුතුම ආකාරයක සුළඟක් හමද්දී මේරිටත් ජැක්ටත් තද නිදිමතක් දැනුණා. ඒ එක්කම සිහින් ශබ්දයකුත් නැගුණා. ජැක් හා මේරි එතැන තණ ගොල්ලේ හිඳගෙනම නින්දට පිවිසියා. මඳ වේලාවකට පසු ශබ්දය නෑසී යද්දී ඔවුන් අවදිව දෙනෙත් විවර කළා." ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 4 "ක්රූකි කියන්නේ නිතරම බොරු කියන වංචාකාර භූතයෙක්. එයා මකරාට කීවේ මකරා හරිම ලස්සනයි කියලා. තමන් අවලස්සන සතකු බව මකරා දැනගෙන හිටියා. බොරු කියු භූතයා ට මකරා දුන් දඬුවම මොකක් කියලාද ඔයාලා හිතන්නේ?" ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 5 'අමුතු හොරා මඩුව ඇතුළට රිංගා තිබුණේ දොරේ අගුල දමා තියෙද්දීමයි. හැමෝම අගුල දිහාව බැලුවා දොර අගුලු දමා තියෙද්දි හොරා ඇතුලට ගියේ කොහොමද? "එනවා එළියට. ඉක්මනට එනවා එළියට" පොලිස් නිලධාරියා කෑ ගැසුවේ දොර අගුල අරිමින්. හැමෝම බලා හිටියත් කවුරුවත් එළියට ආවේ නැහැ තවත් මල් පෝච්චියක් පෙරළී බිඳෙනු ඇසුණා.' ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 6 "එකමත් එක කාලයක පෙගී යන නම ඇති ගැහැනු ළමයෙක් හිටියා. ඇය කට ඇරියොත් කීවේ බොරු. ඇය දවසක් සුරංගනා හිස්වැස්මක් අහුලා ගත්තා. හිස්වැස්ම අයිති සුරංගනාවට බොරු කීවා. ළමයෙක් සුරංගනාවකට බොරුවක් කීවොත් ලැබෙන දඬුවම ඔයාලා දන්නවා ද? ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 7 'එමා සහ බොබි සොයුරු සොයුරියන් වුනාට නිතරම රණ්ඩු වෙනවා. "මම ඔයාලාට වර තුනක් දෙන්නම්. ඒත් ඔයාලා වගේ අයට ඒ වරවලින් යහපතක් නම් වෙන්නේ නැහැ භූතයා පැවසුවා. බොබ් ඒ වරයකින් ලබා ගත්තේ ලස්සන පුංචි ගුවන් යානයක්. ඒ ගුවන් යානයෙන් එයාලා ගියේ කොහාටද? ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 8 "රෝලෝ කුමාරයාව පැහැරගෙන ගියේ මායාකාරයෙක්. කුමාරයා තමාව බේරාගනු පිණිස පණිවිඩයක් එවුවේ සරුංගලයකින්. ඒ අතරේ ඩික් රොබින් හා ලුසී එක්ව රහස් දොරටුවක් සොයාගත්තා සියවස් ගණනක් තිස්සේ සැඟව තිබුණක්. හුඟක් අය හිතනවාට වඩා පුංචි ළමයින් හරිම දක්ෂයි." ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 9 "පිපිටි කියන්නේ නරක කරදරකාර භූතයෙක්. එයාගේ කරදරකාර මදිවාට කෙසෙල් ගෙඩි හොරෙකුත් ඇවිත් ළමයින්ගේ කෙසෙල් ගෙඩි හොරකම් කරගෙන ගිහින්. ඒ අතරතුරේ ෆ්ලුෆි කියන බළල් පැටවාත් අතුරුදහන් වෙලා. සේරම කරදර ළමයින්ට සියලු ප්‍රශ්න විසඳිය යුත්තේත් ළමයින්මයි." ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 10 "මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා. ලස්සනට පාට කරලා තිබු එය ගමන පටන්ගත්තා ම නවතින්නේ නැහැ. කුමරියට විතරයි එය නවත්තන්න පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක් දවසක් හොරෙන් දුම්රියට නැඟුණා. ඊටපස්සේ සිදුවන්නේ හරිම අලකලංචියක්."
LKR 3,500
BS 0070 Secret Seven - Enid Blyton
හතේ කල්ලියේ වික්‍රම 01 ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද? වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද? ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද? හතේ කල්ලියේ වික්‍රම 02 රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ක්‍රීඩා කරමින් සිටියහ. හදිසියේ පීටර්ට දැකගත හැකි වුයේ එහි අමුතු මිනිසෙකුද සැඟව සිටින අන්දමය. අසල පිහිටි මන්දිරයේ නැතිවූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද? සිංහයන් කිහිප දෙනෙකු එක්ව එම මුතු මාලය ආරක්ෂා කළේ මන්ද? හතේ කල්ලියේ වික්‍රම 03 හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි. අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි. රතු කොට්ටයක්, ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවක් හතේ කල්ලියට දැනිණි. හතේ කල්ලියේ වික්‍රම 04 සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද? වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද? හතේ කල්ලියේ වික්‍රම 05 හිස් බිම් කඩක් වෙත ගෙන යන බල්ලන් එකවර අතුරුදහන් වන්නේ කෙසේද? හිස් වැස්මකින් මුහුණ ආවරණය කරගෙන සිටින හතරැස් මුහුණැත්තා කවරෙක්ද? පොලීසියට අවශ්‍ය ව සිටින තට්ට හිසක් හා මුහුණේ කැළලක් සහිත අපරාධකරුට හසුවූ ළමයින්ගේ ඉරණම කුමක්ද? හතේ කල්ලියේ වික්‍රම 06 මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි. සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද? ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද? ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය. හතේ කල්ලියේ වික්‍රම 07 හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි. ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද? තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද? හතේ කල්ලියේ වික්‍රම 08 සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද? නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද? අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද? හතේ කල්ලියේ වික්‍රම 09 හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය. කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද? අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද? හතේ කල්ලියේ වික්‍රම 10 දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි. මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද? කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා? හතේ කල්ලියේ වික්‍රම 11 ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත. ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද? අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද? හතේ කල්ලියේ වික්‍රම 12 ඉපැරැණි ටොර්ලින්ග් මාලිගයේ කුලුනක කිසිවකු සැඟව සිටින බව හැඟී යයි. ඒ අතරතුර හතේ කල්ලිය සතු දුරදක්නය ද සොරා ගැනෙයි. එය ගං පත්ලේය. චිත්‍ර අඳින කාන්තාව සුසී හා පවසන්නේ මොනවාද? මාලිගයේ බිම් කුටියේ ඇති රෙදි කඩමාලු මොනවාද? හතේ කල්ලියේ වික්‍රම 13 හතේ කල්ලියේ අභ්‍යන්තර අර්බුද නිසා සාමාජිකයන් කල්ලියෙන් ඉවත් වන තැනට කටයුතු යෙදෙයි. සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් කටයුතු කළ පිරිසට හදිසියේ සිදුවී ඇත්තේ මොනවාද? ඒ අතරතුර ඔවුන් සියලු දෙනාගේ ආදරය දිනු ස්පැනියල් වර්ගයේ බල්ලා කැම්පර් අතුරුදහන් වෙයි සැවොම කැම්පර් සෙවීමට එකතු වෙති. හතේ කල්ලියේ වික්‍රම 14 ජනරල්වරයා නිර්භීතව යුද වදිමින් දිනූ වීර පදක්කම් සොරා ගෙන තිබිණි. ඔහු සිටියේ මහත් කනගාටුවෙනි. ඔහුගේ සිත සැනසීම කොලින්ට බාර විය. ඒ අතරතුර හතේ කල්ලිය මහ රෑ බ්‍රැම්ලේ වනාන්තරයට ඇතුළු වූයේ කුමකටද? සිතින් අත් ඇති මිනිසා කවරෙක්ද? ඔවුන් සත් දෙන විශාල බල්ලකුගේ අත් අඩංගුවට පත්වූයේ කෙසේද? හතේ කල්ලියේ වික්‍රම 15 බ්රවුනි නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින්ද? ටොලි එම අශ්වයට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි. එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට සොරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද ? පීටර් තද නින්දේය. ජැනට් හට පමණක් වී සොරුන් මෙල්ල කළ හැකිද?
LKR 5,250
BS 0065 රහස් පරීක්ෂක - අනුර දිසානායක
ඕනෑම කෙනෙකු අපරාධයක් කළහොත් එයට කෙදිනක හෝ දඬුවම් ලැබෙන බව සමාජ ගත කරමින්, ඩි.එම්. අනුර දිසානායක අර්ථවත් කෘති ගණනාවක් ලියා පළ කොට ඇත. දින සති මාස ගණනකින් නොව අවුරුදු ගණනාවකට පසුව වුව ද පරික්ෂණ තුළින් අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නා අයුරු විදහා දැක්වන ඔහුගේ කෘති සමාජයට යම් මෙහෙවරක් සිදුකරයි. 1. වදාකඩ වත්ත “මගේ තාත්තා මීනිමරුවෙක් වුණත්, මගේ අම්මා අද ජීවතුන් අතර නැති වුණත් මාව හදා වඩා ගත් ඒ රත්තරන් දෙමව්පියෝ දෙන්නා මගේ ළඟ ඉන්නවා. එක කුස එකම වෙලාවේ උපන් මගේ නංගියා මට ඉන්නවා. ඒ විතරක්ද ඉස්කෝලේ යන කාලේ ඉඳලා මාව ආරක්ෂා කරපු මාව රැක බලාගත්ත මගේ ආරක්ෂකයා මගේ ආදරය දිනාගත්ත සජිත් අයියා මගේ ළඟ ඉන්නවා. ඔය හැමෝටම වඩා වටිනා කෙනෙක් දැන් මගේ කුස තුළ ඉන්නවා 2. ඇතුගල ඇල්ල අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉන්ස්පෙක්ටර් බොහෝ පුළුල් මාතෘකාවක්. ඒ ගැන මෙහෙම කථා කරන්න අමාරුයි. ඒත් මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මළ සිරුරකින් හෝ ඉතිරි වී ගිය සුන්බුන් මඟින් හෙළිකර ගත හැකි සාක්ෂි එමටයි. මළ සිරුරක් දොඩමළු වන ආකාරය අසිරිමත් එකක්. මළ සිරුරක් ලවා හෙළි කරගන්න මෙවන් තොරතුරු හඳුන්වන්නේ නිහඬ සාක්ෂී ලෙස. 3. හොරගල හෝටලය සමාජයේ වත්මන සිදුවන අකටයුතුකම් අතරින් කප්පම් ගැනීමෙහි සිද්ධියක් සහ අහිංසක පුද්ගලයකුගේ ඝාතනයක් සම්බන්ධ සිදුවීමක් මෙහි ඇතුළත් වේ. රහස් පරීක්ෂණ කතාවකට එහා ගියපු මෙම කෘතිය තුළින් " අපරාධයක් සිදු කොට කිසිදා සැගවී සිටිය නොහැක සහ කවදා හෝ නීතියේ රැහැනා කොටු වීමට සිදු වේයැයි " යන ආදර්ශය සමාජයට ලබා දෙන අතර ඔබට ද මෙය කියවා රස විදිය හැකියි. 4. උඩුගම කන්ද පෙර භවයේ හෙළි කිරීම් තුළින් අපරාධයක් හෝ මිනීමැරුමක් ඔප්පු කිරීම නීතියට පටහැනි වුවත්,ඔහුගේ හෝ ඇයගේ එම හෙළිකිරීම් තුළින් පරීක්ෂණ පවත්වා එයින් නිරීක්ෂණයකට එළඹීම තුළින් අපරාධකරුවෙකු හෝ මිනීමරුවෙකු හඳුනා ගැනීමට පුළුවන. උඩුගම කන්ද මෙම කතාවේ අන්තර්ගතයද රහස් පරීක්ෂක කුතුහලය දනවන එවැනි එකකි. 5. යළි උපන් යුවතිය යළි උපන් යුවතිය" යනු යොවුන් ආදරය බලෙන් ලබාගැනීමට වෙර දැරූ ධනවත්, වලව්කාර, සෙල්ලක්කාර තරුණයෙක් හා උසස් අධ්‍යාපනයේ රුවන් දොරටුව විවර කරගනිමින් උපාධිය ලැබූ යුවතියකගේත්, තවත් එවැනිම බුද්ධිමත් තරුණයෙකුගේත් කතාවකි 6. වටවල වංගුව "රොමේෂ් කොහොමද හරියටම ඔහොම හිතන්නේ? අනිත් එක මේ සිදුවීම එහෙමනම් මිනීමැරුමක් වුණේ කොහොමද?" "නදිනි එදා බොරුවට ලිව්ව ලියුම සර් කොහොමහරි මේ මිනීමරුවන්ට අහු වුණා. මේ මිනීමරුවා බොහෝවිට නදිනිගේ යාළුවෙක් කියලා තමයි මට හිතෙන්නේ. කොහොමහරි මේ අපරාධකාරයා නදිනිගේ ලියුම තියාගෙන ලහිරුගේ අත්සනත් ගහලා නදිනිගේ අයියා කසුන්ට තැපැල් කළා." "එහෙමනම් කොහොමද රොමේෂ් මේ දෙන්නාව මැරුවේ ? එහෙමත් නැත්නම් මේ පාතාලෙ ළඟට නදිනිවයි ලහිරුවයි එක්කගෙන ගියේ කොහොමද?" 7. මාරකඩ අභිරහස මාරකඩ පොලීසියේ ස්ථානාධිපති ධර්මතිලක මහතා එවකට එම පොලීසියට අනුයුක්ත වී නොසිටි නිසා එම රාජකාරිය පවරන්නේ එවකට එම පොලීසියේ සේවය කල ඉන්ස්පෙක්ටර් සරත් මැදගමටය. මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවීම භාරවන්නේ සුප්‍රකට රහස් පොලිස් පරීක්ෂක රොමේෂ් කටුලන්දටය.ඔහුගේ උපදෙස් මත අවශ්‍ය පුද්ගලයින් දැඩි කැපවීමකින් සොයාගන්නා ඉන්ස්පෙක්ටර් මැදගම අබිරහසේ අවසානයටම පැමිණෙයි. ක්‍රමානුකූලව හා තර්කානුකූලව පිලිවෙලින් මේ පසුපස හඹායන මැදගම මහතා ,ඔහුගේ දැඩි කැපවීමත් ,කටුලන්ද මහතාගේ තීක්ෂණ නුවණත් නිසා සැකකරුවන් හෝ සැකකාරියන් නීතියේ රැහැනට අසු කර ගනීද ? 8. ගෙලිඔය හන්දිය “මොකක්ද සර් මම කරන්න ඕනේ?” “මැරුණ නිම්මිකා මාරසිංහගේ ගෙවල් පැත්තට ගිහින් කුලීකාරයෙකුගේ චරිතයක් රඟපාලා ජගත් කොහොමහරි සොයා ගන්න ඕනේ එදා නිම්මිකා පාන්දර ගේට්ටුවෙන් පිටවුණේ කොහොමද? එයා ගියාට පස්සේ ගේට්ටුවට ඉබ්බා දැම්මේ විමලදාසද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? විනුත් මාරසිංහ ගිහින් විනාඩි 45 ක් ඇතුළත කොහොමද මේ මරණය සිදුවුණේ? නිම්මිකා ගෙදරින් පිටවුණේ වාහනයකින්ද? එහෙම නම් ඒ වාහනේ කාගේද? වගේ ප්‍රශ්නවලට පිළිතුරු ජගත් සොයා ගන්න ඕනේ” 9. උඩුවර තානායම තමා කළ අපරාධයෙන් බේරීමට අහිංසකයකු නීතියේ රැහැනට කොටු කර දුන්න ද සදාතන ධර්මයේ සත්‍යතාව ලොවට කියාපාන්නක් මෙන් අතිදක්ෂ රහස් පරීක්ෂකයකු මෙම අහිංසකයා වෙනුවෙන් අපරාධකරු ලුහුබැඳ යාමට තීරණය කරයි. එහෙත් එය ඔහුට කළ හැකිවේ ද? 10. මුහුදු කොල්ලය පාසල් අධ්‍යාපනය තුළ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයසේ පසු වු අභීත බුද්ධිමත් ශිෂයයන් පස් දෙනෙකුගේ කතාවකි මුහුදු කොල්ලය පාසල් නිවාඩු කාලයේ දී ඔවුන්ගේ ක්‍රියා කලාපය හා සාගර තරණය නිසා නීති විරෝධි අපරාධකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් වහලුන් ලෙස සේවය කළ ධීවරයන් විශාල ප්‍රමාණයක් නිදහස් කර ගැනීමටත් හැකිවූයේ මහා සාගරය තුළය ත්‍රාසජනක සිදුවීම් කුතුහලය හා සාගර තරණයේදී ඇතිවන අත්දැකීම් පිළිබඳව ලියැවුණු මෙම මුහුදු මංකොල්ලය නව කතාව යුගයේ කාලීන කතාවකි
LKR 6,050
BS 0060 සිබිල් වෙත්තසිංහ - කතන්දර පොත්
සිබිල් වෙත්තසිංහ යනු ලංකාව තුළ පහල වූ අග්‍රගනයේ ළමා කෘති රචනා කළ කතුවරියයි. ඇගේ ළමා කතා පමණක් නොව ඇගේ සිතුවම් ද ළමා සිත් තුළ නොමැකෙන ලෙස සනිටුහන් වන්නකි. ලොකු හා කුඩා පාඨකයින්ගේ සිත් වෙනස් ම වූ ලෝකයක් තුලට ගෙනයමින් අලංකාරවත් කතා රසයක් ඇගේ ළමා කෘති තුළ වෙයි . ළමා මනසට කුතුහලය,ආදරය,සෙනෙහස,කීකරුකම ඉතාමත්ම අපූරු අයුරින් ලගා කර දෙමින්.., ඇයටම ආවේණික වූ චිත්‍ර සම්ප්රදායක් භාවිත කරමින් රසවත් කතාන්තර පොත් රාශියක් ඇය රචනා කර ඇත. මෙම කෘති නාගරික දරුවන් තුළත් ගැමි පරිසරය පිළිබඳව අපූර්ව හැඟීමක් ගොඩ නගන්නට හේතු වී තිබේ. ගම පිළිබඳ ඇගේ මතකය ඉතාම සානුකම්පිත සුන්දර එකක් බව මේ කෘති තුළින් කියවේ. 1. දෙමාපිය උපස්ථානය 2. බෙරවයන්නෝ 3. දිය රකුසා 4. මහා ගිරා 5. නරි උගුල 6. වඳුරු හදවත 7. හිතා බලා වැඩ කරමු 8. පිංගු නම් අලි බබා 9. යාළු රැළක් 10. අලි නෑම 11. කුරුලු කූඩුව 12. වඳුරු උදව්ව 13. කළු පුල්ලි රෙද්ද 14. කදා වළලු 15. බෝනික්කා 16. කපුටා කළු වුණු හැටි 17. එන්දො මුත්තා 18. බළලයි මීයයි 19. අමුතු කෑමක් 20. ඉදුණු පේර 21. හොරා ඇල්ලූ හැටි 22. අවිස්වාසය
LKR 6,600
BS 0055 - චරිතාපදාන
1. ගාන්ධි ගාන්ධිතුමා තම ප්‍රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බි්රතාන්ය අධිරාජ්‍යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය. 2. ලී ක්වාන් යූ (තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට) කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි. අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි. 3.ඇඩෝල්ෆ් හිට්ලර් දෙවන ලෝක මහා සංග්‍රාමයේදී කැපී පෙනන චරිතයක් ලෙස ජ්ර්මනියේ හිට්ලර් පෙන්වා දෙයි.ලෝක යුද්ධය අවසානයේ සියලු වැරදි හිට්ලර් මත පැවරීමට නියුර්ම්බර්ග් අධිකරණය කටයුතු කරයි.නමුත් හිට්ලර් විසින් කරන ලද යුදෙව් සංහාරය වෙත ඔහුව ගෙන යනු ලබන්නේ එක්සත් රාජධානිය , ප්‍රංශය සහ සාර් රුසියාවයි. ඒ කේසේදයත් හිට්ලර් යුදෙව් සංහාරය ආරම්භ කිරීමට පෙර මුලු යුරෝපය පුරා ඉහත සදහන් කරනු ලැබූ රටවල් යුදෙව් ජාතිවාදය අවුස්සන නිසාය.එමනිසා හිට්ලර් යුදෙව් සංහාරය ක්‍රියාත්මක කරන ලදී .අවසානයේ හිට්ලර්ට යුද්ධය එපා වෙන බව මෙහි සදහන් කරයි ඊට ප්‍රධානතම හේතුව ලෙස තම යුධ සෙනවියන් යුධ රහස් බටහිරට විකිණීමයි හිට්ලර් අවසානයේ මෙසේ ප්‍රකාශයක් කරයි " මා මිය ගිය පසු මගේ සොහොනේ මෙය ප්‍රදර්ශනය කරනු' සිය හමුදා නායකයන් විසින් පාවා දෙනු ලැබූ යුද නායකයෙකු මෙහි නිදයි" මෙම ග්‍රන්ථයේ ප්‍රදාන වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කර ඇත. 4. වී. අයි. ලෙනින් මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී.අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමනින් ම බැහැරකොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි. මෙම කෘතිය මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය. 5. අලි ජින්නා මෙම කෘතිය මඟින් අලි ජින්නාගේ ළමා විය, තරුණ විය, වෘත්තීය ජීවිතය මෙන්ම නිදහස් ස්වෛරී පකිස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ ඔහුගේ කෘතහස්ත දේශපාලන දැනුම් පරිචය හා පෞරුෂත්වය සිංහල පාඨකයාට උකහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කිරීමට විජේකෝන් මහතා සමත් වී ඇත. එමෙන්ම මෙම කෘතිය සම්පාදනය වීමෙන් කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනයට අවකාශය සලසන බව පැවසීම ද කාලෝචිතය. 6. නෙල්සන් මැන්ඩෙලා නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලනයට එකතු වන්නේ වර්ණභේදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදි ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයන්තයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් මෙම චරිතාපදාන කතාවෙන් ඉදිරිපත් කර ඇත.
LKR 7,840
BS 0050 විශ්ව සාහිත්‍ය කෘති
1. ඇනා කැරණිනා - Anna Keranina මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙහි ප්‍රධාන චරිතය වන ‘ඇනා’ නම් වූ චරිතයෙහි ජීවිත කතාවයි. එහිදී ඇය කෙතරම් උසස් චරිතයක් වුවද ඇයට වඩා පහත් කුලයෙහි අයගෙන් අවලාද ඇසීමෙහි දී ඈන්ගේ චරිතයෙන් එම අවස්ථාවෙහිදී පෙන්නුම් කරනු ලබන්නේ ඉවසිලිවන්ත ගුණයෙහි ප්රගුණතාවයයි. ඇගේ ස්වාමියා සමග දික්කසාද වීමත්, ඇය බලාපොරොත්තු වන දික්කසාදය ඇයට නොලැබීබමත් මෙහි අන්තර්ගත වේ. තමාගේ ස්වාමියා හා දරුවා අතහැර රොන්සින් නමැති පුරුෂයා වෙත යාමෙන් එහි දී ඇයට අත්විඳීමට ලැබෙන අත්දැකීම් හා ජීවිතයත් ජීවිතයේ වන අසරණකම් අතරත් දෝලනය වන ආකාරයත් මෙහිදී ඇතුළත් කොට ඇත. මේ ආකරයට ගලා යන සිදුවීම් රසවත් ආකාරයටත් කුතුහලය උපදවන ආකාරයටත් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ සෝමා ටී. පෙරේරා මහත්මිය විසිනි 2. ජමිලා - Jamila අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ. අප ජීවිතද ඉරි කැබලිවලින්, කටු සටහනින්,රේඛාවලින් අසම්පූර්ණව ඇති සිතුවමකි. එය සම්පූර්ණ වන්නේ ප්‍රේමයේ වර්ණයන් මුසු වූ විටය. ජමීලාගේත්, දනියාර්ගේත්,කිචිනේ බාලාගේත් ජීවන සිතුවම් ඔවුනොවුන්ගේ වර්ණිත ප්‍රේමයෙන් හැඩ විය. ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි 3. ජේන් අයර් - Jane Eyre ජේන් අයර් ශෝකී රසයෙන් සේම ආදරය, කරුණාව සහ කුතුහලයක් ද රැගත් නවකතාවකි.කුඩා අවධියේ අපමණ දුක් ගැහැට විදි කුඩා දැරියක වන ජේන් අයර්ගේ ජීවිත කතාව මෙහි ගෙන හැර පා ඇත. ඇය නොපසුබට වීර්යයෙන් දුක් කම්කටොලු වලට මුහුණ දී අනාගතය සැපවත් කර ගැනීමට වෙහෙසේ. කාරුණික, දක්ෂ තරුණියක්ව ආදරය වෙනුවෙන් සෝ සුසුම් හෙළමින් අපරමිත කැපකිරීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන ජේන් ආදර්ශමත් තරුණියකි. ඇයගේ ජීවිතය වර්ණ වූවා සේම ඔබ මාගේ දිවියත් වර්ණ කර ගැනීම හෝ අදුරු කරගැනීම අපගේම කාර්යකි. අවශ්‍ය වන්නෙ ඉවසීම, උත්සාහය බව වටහා ගැනීම මේ මහගු කෘතියෙන් අපට මනාව පසක් කරවයි 4. ලෝනාඩූන් - Lorna Doone ලෝනාඩූන් කෘතිය ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගෙන අතර ඉන් එක් අයෙක් තමයි එංගලන්තයේ ප්‍රභූ පවුලකට අයත් ලෝනාඩුන් අනිත්කෙනා තමයි සාමාන්‍ය පවුලක ඉපදුණු ජෝන් රීඩ්. ඔවුන් වටා ගොඩනැගෙන මෙම කෘතිය තාස්ය, භීතිය සහ කුතුහලය දනවන ආකාරයට කතුවරයා විසින් පරිවර්තනය කර ඇත 5. ගුරු ගීතය - Guru Geethaya "ඔව් ශීත කාලය පැමිණේවී. තද ශීත කුණාටු හමාවි, හිම කැට සහිත, මහ නපුරු සුළි සුළං හමාවී. එහෙත් ...... වසන්තය එනවා සත්තයි." අයිලය නම් ගමක වෙසෙන අල්තිනායි නම් වූ දැරිය හා එම ගමට පැමිණ පාසලක් පටන් ගෙන ගම්වල ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන දුයිශෙන් නම් වූ ගුරුවරයෙකු වටා ගෙතී ඇති කතාවකි 6. අම්මා - Amma 1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේදී ලියන ලද මෙම නවකතාව ලෝක වාසීන් අතර ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද 'අම්මා පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය. මක්සිම් ගෝර්කිගේ අම්මා' නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය 7. ලස්සන වසිලිස්සා - Lassana Wasilissa මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි 8. සුන්දර නතාෂා - Sundara Nathasha 1968 දී මක්සිම් ගෝර්කිගේ ශත සංවස්තරය ලෝකයේ බොහෝ රටවල පවත්වන ලදී. දැනට අවුරුදු හතළිහක් තිස්සේ ඔහු අප අතර නැති වුවද ලෝක සාහිත්‍යයේ ප්‍රධානතම චරිතයත් ලෙස ඔහුගේ සාහිත්‍ය නිර්මාණ එම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයයි. ගෝර්කිගේ නිර්මාණ සාහිත්‍යයේ එකිනෙකට ගැළපෙන අඩුපාඩු පුරවාලන තේමා දෙකක් තිබිණි. එකක් ලෝකය දෙස බලමින් ඔහු විඳින සංවේදනයයි. අනික යථාර්ථය පිළිබඳ ඔහු දක්වන සෞන්දර්යවාදී ආකල්පයයි 9. රන් කාසියේ කුමරිය - Ran Kasiye Kumariya ඇය පෙනී සිටින රන් කාසිය ලෙසින්ම දිලිසුම් දෙන නවකතාවක් ලෙස රන් කාසියේ කුමරිය කෘතිය හඳුන්වා දෙන්න පුලුවන්. ෆාන්සස් ස්ටුවර්ට්ගේ මුහුණ ඇගේ දායදයයි. ඒ වගේම මාර්සි පේෆර්සන් ඉතිහාසය ඈඳා ගනිම්න් ඒ චරිතයට පණපොවයි. තම රචනා දක්ෂතාවයන් අපූරුවට ගොඩනගමින් මාර්සි පේෆර්සන් එංගලන්තයේ දෙවන චාල්ස් වෙත තම බලපෑම් යොමුකරවන ෆාන්සස් ස්ටුවර්ට්ගේ කතාව මෙම කෘතිය මගින් ඔබට කියයි
LKR 7,320
Recommended Products
View AllKumara Siriwardena - කුමාර සිරිවර්ධන
ආර්යාවක ගේ වෛරය සහ තවත් කතා සහ සහ තවත් කතා - Sherlock Homles 12
LKR 600
New Arrivals
View AllKumara Siriwardena - කුමාර සිරිවර්ධන
ආර්යාවක ගේ වෛරය සහ තවත් කතා සහ සහ තවත් කතා - Sherlock Homles 12
LKR 600
ළමා කෘති
View AllKumara Siriwardena - කුමාර සිරිවර්ධන
උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය - Unmanthakayage Maligaye Wikramaya
LKR 600


























