
Featured
BS 0055 - චරිතාපදාන
Items:6 books
Total Weight:2.81 kg
LKR 7,840
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
6 of 6 selected1. ගාන්ධි - Gandhi
LKR 1,750
2. ලී ක්වාන් යූ (තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට) - Lee Kuan Yew (Theweni Lokayen palamu Lokayata)
LKR 3,900
3. නෙල්සන් මැන්ඩෙලා - Nelson Mandela
LKR 600
4. ඇඩෝල්ෆ් හිට්ලර් - Adolf Hitler
LKR 490
5. අලි පින්නා - Ali JInna
LKR 400
6. වී. අයි. ලෙනින් - V I Lenin
LKR 700
Selected Items Total:
LKR 7,840
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
1. ගාන්ධි
ගාන්ධිතුමා තම ප්‍රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බි්රතාන්ය අධිරාජ්‍යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය.
2. ලී ක්වාන් යූ (තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට)
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
3.ඇඩෝල්ෆ් හිට්ලර්
දෙවන ලෝක මහා සංග්‍රාමයේදී කැපී පෙනන චරිතයක් ලෙස ජ්ර්මනියේ හිට්ලර් පෙන්වා දෙයි.ලෝක යුද්ධය අවසානයේ සියලු වැරදි හිට්ලර් මත පැවරීමට නියුර්ම්බර්ග් අධිකරණය කටයුතු කරයි.නමුත් හිට්ලර් විසින් කරන ලද යුදෙව් සංහාරය වෙත ඔහුව ගෙන යනු ලබන්නේ එක්සත් රාජධානිය , ප්‍රංශය සහ සාර් රුසියාවයි. ඒ කේසේදයත් හිට්ලර් යුදෙව් සංහාරය ආරම්භ කිරීමට පෙර මුලු යුරෝපය පුරා ඉහත සදහන් කරනු ලැබූ රටවල් යුදෙව් ජාතිවාදය අවුස්සන නිසාය.එමනිසා හිට්ලර් යුදෙව් සංහාරය ක්‍රියාත්මක කරන ලදී .අවසානයේ හිට්ලර්ට යුද්ධය එපා වෙන බව මෙහි සදහන් කරයි ඊට ප්‍රධානතම හේතුව ලෙස තම යුධ සෙනවියන් යුධ රහස් බටහිරට විකිණීමයි හිට්ලර් අවසානයේ මෙසේ ප්‍රකාශයක් කරයි " මා මිය ගිය පසු මගේ සොහොනේ මෙය ප්‍රදර්ශනය කරනු' සිය හමුදා නායකයන් විසින් පාවා දෙනු ලැබූ යුද නායකයෙකු මෙහි නිදයි" මෙම ග්‍රන්ථයේ ප්‍රදාන වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
4. වී. අයි. ලෙනින්
මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී.අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමනින් ම බැහැරකොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි. මෙම කෘතිය මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය.
5. අලි ජින්නා
මෙම කෘතිය මඟින් අලි ජින්නාගේ ළමා විය, තරුණ විය, වෘත්තීය ජීවිතය මෙන්ම නිදහස්
ස්වෛරී පකිස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ ඔහුගේ කෘතහස්ත දේශපාලන දැනුම් පරිචය හා පෞරුෂත්වය සිංහල පාඨකයාට උකහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කිරීමට විජේකෝන් මහතා සමත් වී ඇත. එමෙන්ම මෙම කෘතිය සම්පාදනය වීමෙන් කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනයට අවකාශය සලසන බව පැවසීම ද කාලෝචිතය.
6. නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලනයට එකතු වන්නේ වර්ණභේදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදි ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය.
වාර්ගික, ජාතික හා සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයන්තයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් මෙම චරිතාපදාන කතාවෙන් ඉදිරිපත් කර ඇත.
This Bundle Includes:
- 1.ගාන්ධි - Gandhi
- 2.ලී ක්වාන් යූ (තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට) - Lee Kuan Yew (Theweni Lokayen palamu Lokayata)
- 3.නෙල්සන් මැන්ඩෙලා - Nelson Mandela
- 4.ඇඩෝල්ෆ් හිට්ලර් - Adolf Hitler
- 5.අලි පින්නා - Ali JInna
- 6.වී. අයි. ලෙනින් - V I Lenin
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.