FeaturedFree Books Included
BS 0050 විශ්ව සාහිත්‍ය කෘති
Items:10 books
Total Weight:3.19 kg
LKR 7,320
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
10 of 10 selected1. ඇනා කැරණිනා - Anna Keranina
LKR 1,250
2. ජමිලා - Jamila
LKR 600
3. ජේන් අයර් - Jane Eyre
LKR 550
4. ලෝනාඩූන් - Lorna Doone
LKR 650
5. අම්මා - Amma
LKR 990
6. ගුරු ගීතය - Guru Geethaya
LKR 350
7. රන් කාසියේ කුමරිය - Ran Kasiye Kumariya
LKR 990
8. ලස්සන වසිලිස්සා - Lassana Wasilissa
LKR 850
9. සුන්දර නතාෂා - Sundara Nathasha
LKR 600
10. පෙරනිමිති - Peranimithi
LKR 490
Choose one free item (optional)
You can order the bundle without selecting a free item, or pick one from the list below.
Selected Items Total:
LKR 7,320
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
1. ඇනා කැරණිනා - Anna Keranina
මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙහි ප්‍රධාන චරිතය වන ‘ඇනා’ නම් වූ චරිතයෙහි ජීවිත කතාවයි. එහිදී ඇය කෙතරම් උසස් චරිතයක් වුවද ඇයට වඩා පහත් කුලයෙහි අයගෙන් අවලාද ඇසීමෙහි දී ඈන්ගේ චරිතයෙන් එම අවස්ථාවෙහිදී පෙන්නුම් කරනු ලබන්නේ ඉවසිලිවන්ත ගුණයෙහි ප්රගුණතාවයයි. ඇගේ ස්වාමියා සමග දික්කසාද වීමත්, ඇය බලාපොරොත්තු වන දික්කසාදය ඇයට නොලැබීබමත් මෙහි අන්තර්ගත වේ. තමාගේ ස්වාමියා හා දරුවා අතහැර රොන්සින් නමැති පුරුෂයා වෙත යාමෙන් එහි දී ඇයට අත්විඳීමට ලැබෙන අත්දැකීම් හා ජීවිතයත් ජීවිතයේ වන අසරණකම් අතරත් දෝලනය වන ආකාරයත් මෙහිදී ඇතුළත් කොට ඇත. මේ ආකරයට ගලා යන සිදුවීම් රසවත් ආකාරයටත් කුතුහලය උපදවන ආකාරයටත් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ සෝමා ටී. පෙරේරා මහත්මිය විසිනි
2. ජමිලා - Jamila
අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ. අප ජීවිතද ඉරි කැබලිවලින්, කටු සටහනින්,රේඛාවලින් අසම්පූර්ණව ඇති සිතුවමකි. එය සම්පූර්ණ වන්නේ ප්‍රේමයේ වර්ණයන් මුසු වූ විටය. ජමීලාගේත්, දනියාර්ගේත්,කිචිනේ බාලාගේත් ජීවන සිතුවම් ඔවුනොවුන්ගේ වර්ණිත ප්‍රේමයෙන් හැඩ විය.
ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි
3. ජේන් අයර් - Jane Eyre
ජේන් අයර් ශෝකී රසයෙන් සේම ආදරය, කරුණාව සහ කුතුහලයක් ද රැගත් නවකතාවකි.කුඩා අවධියේ අපමණ දුක් ගැහැට විදි කුඩා දැරියක වන ජේන් අයර්ගේ ජීවිත කතාව මෙහි ගෙන හැර පා ඇත.
ඇය නොපසුබට වීර්යයෙන් දුක් කම්කටොලු වලට මුහුණ දී අනාගතය සැපවත් කර ගැනීමට වෙහෙසේ. කාරුණික, දක්ෂ තරුණියක්ව ආදරය වෙනුවෙන් සෝ සුසුම් හෙළමින් අපරමිත කැපකිරීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන ජේන් ආදර්ශමත් තරුණියකි.
ඇයගේ ජීවිතය වර්ණ වූවා සේම ඔබ මාගේ දිවියත් වර්ණ කර ගැනීම හෝ අදුරු කරගැනීම අපගේම කාර්යකි. අවශ්‍ය වන්නෙ ඉවසීම, උත්සාහය බව වටහා ගැනීම මේ මහගු කෘතියෙන් අපට මනාව පසක් කරවයි
4. ලෝනාඩූන් - Lorna Doone
ලෝනාඩූන් කෘතිය ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගෙන අතර ඉන් එක් අයෙක් තමයි එංගලන්තයේ ප්‍රභූ පවුලකට අයත් ලෝනාඩුන් අනිත්කෙනා තමයි සාමාන්‍ය පවුලක ඉපදුණු ජෝන් රීඩ්. ඔවුන් වටා ගොඩනැගෙන මෙම කෘතිය තාස්ය, භීතිය සහ කුතුහලය දනවන ආකාරයට කතුවරයා විසින් පරිවර්තනය කර ඇත
5. ගුරු ගීතය - Guru Geethaya
"ඔව් ශීත කාලය පැමිණේවී.
තද ශීත කුණාටු හමාවි,
හිම කැට සහිත,
මහ නපුරු සුළි සුළං හමාවී.
එහෙත් ......
වසන්තය එනවා
සත්තයි."
අයිලය නම් ගමක වෙසෙන අල්තිනායි නම් වූ දැරිය හා එම ගමට පැමිණ පාසලක් පටන් ගෙන ගම්වල ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන දුයිශෙන් නම් වූ ගුරුවරයෙකු වටා ගෙතී ඇති කතාවකි
6. අම්මා - Amma
1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේදී ලියන ලද මෙම නවකතාව ලෝක වාසීන් අතර ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද 'අම්මා පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය. මක්සිම් ගෝර්කිගේ අම්මා' නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය
7. ලස්සන වසිලිස්සා - Lassana Wasilissa
මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි
8. සුන්දර නතාෂා - Sundara Nathasha
1968 දී මක්සිම් ගෝර්කිගේ ශත සංවස්තරය ලෝකයේ බොහෝ රටවල පවත්වන ලදී. දැනට අවුරුදු හතළිහක් තිස්සේ ඔහු අප අතර නැති වුවද ලෝක සාහිත්‍යයේ ප්‍රධානතම චරිතයත් ලෙස ඔහුගේ සාහිත්‍ය නිර්මාණ එම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයයි. ගෝර්කිගේ නිර්මාණ සාහිත්‍යයේ එකිනෙකට ගැළපෙන අඩුපාඩු පුරවාලන තේමා දෙකක් තිබිණි. එකක් ලෝකය දෙස බලමින් ඔහු විඳින සංවේදනයයි. අනික යථාර්ථය පිළිබඳ ඔහු දක්වන සෞන්දර්යවාදී ආකල්පයයි
9. රන් කාසියේ කුමරිය - Ran Kasiye Kumariya
ඇය පෙනී සිටින රන් කාසිය ලෙසින්ම දිලිසුම් දෙන නවකතාවක් ලෙස රන් කාසියේ කුමරිය කෘතිය හඳුන්වා දෙන්න පුලුවන්. ෆාන්සස් ස්ටුවර්ට්ගේ මුහුණ ඇගේ දායදයයි. ඒ වගේම මාර්සි පේෆර්සන් ඉතිහාසය ඈඳා ගනිම්න් ඒ චරිතයට පණපොවයි. තම රචනා දක්ෂතාවයන් අපූරුවට ගොඩනගමින් මාර්සි පේෆර්සන් එංගලන්තයේ දෙවන චාල්ස් වෙත තම බලපෑම් යොමුකරවන ෆාන්සස් ස්ටුවර්ට්ගේ කතාව මෙම කෘතිය මගින් ඔබට කියයි
This Bundle Includes:
- 1.ඇනා කැරණිනා - Anna Keranina
- 2.ජමිලා - Jamila
- 3.ජේන් අයර් - Jane Eyre
- 4.ලෝනාඩූන් - Lorna Doone
- 5.අම්මා - Amma
- 6.ගුරු ගීතය - Guru Geethaya
- 7.රන් කාසියේ කුමරිය - Ran Kasiye Kumariya
- 8.ලස්සන වසිලිස්සා - Lassana Wasilissa
- 9.සුන්දර නතාෂා - Sundara Nathasha
- 10.පෙරනිමිති - Peranimithi
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.