
Featured
BS 0065 රහස් පරීක්ෂක - අනුර දිසානායක
Items:10 books
Total Weight:2.38 kg
LKR 6,050
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
10 of 10 selected1. වදාකඩ වත්ත - Wadakada Waththa
LKR 800
2. යළි උපන් යුවතිය - Yali Upan Yuwathiya
LKR 800
3. ඇතුගල ඇල්ල - Athugala Ella
LKR 800
4. උඩුගම කන්ද - Udugama Kanda
LKR 700
5. වටවල වංගුව - Watawala Wanguwa
LKR 450
6. මාරකඩ අභිරහස - Marakada Abhirahasa
LKR 550
7. ගෙලි ඔය හන්දිය - Geli Oya Handiya
LKR 450
8. හොරගල හෝටලය - Horagala Hotalaya
LKR 650
9. උඩුවර තානායම - Uduwara Thanayama
LKR 500
10. මුහුදු කොල්ලය - Muhudu Kollaya
LKR 350
Selected Items Total:
LKR 6,050
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ඕනෑම කෙනෙකු අපරාධයක් කළහොත් එයට කෙදිනක හෝ දඬුවම් ලැබෙන බව සමාජ ගත කරමින්, ඩි.එම්. අනුර දිසානායක අර්ථවත් කෘති ගණනාවක් ලියා පළ කොට ඇත. දින සති මාස ගණනකින් නොව අවුරුදු ගණනාවකට පසුව වුව ද පරික්ෂණ තුළින් අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නා අයුරු විදහා දැක්වන ඔහුගේ කෘති සමාජයට යම් මෙහෙවරක් සිදුකරයි.
1. වදාකඩ වත්ත
“මගේ තාත්තා මීනිමරුවෙක් වුණත්, මගේ අම්මා අද ජීවතුන්
අතර නැති වුණත් මාව හදා වඩා ගත් ඒ රත්තරන් දෙමව්පියෝ
දෙන්නා මගේ ළඟ ඉන්නවා. එක කුස එකම වෙලාවේ උපන් මගේ
නංගියා මට ඉන්නවා. ඒ විතරක්ද ඉස්කෝලේ යන කාලේ ඉඳලා මාව
ආරක්ෂා කරපු මාව රැක බලාගත්ත මගේ ආරක්ෂකයා මගේ ආදරය
දිනාගත්ත සජිත් අයියා මගේ ළඟ ඉන්නවා. ඔය හැමෝටම වඩා
වටිනා කෙනෙක් දැන් මගේ කුස තුළ ඉන්නවා
2. ඇතුගල ඇල්ල
අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉන්ස්පෙක්ටර් බොහෝ පුළුල් මාතෘකාවක්. ඒ ගැන මෙහෙම කථා කරන්න අමාරුයි. ඒත් මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මළ සිරුරකින් හෝ ඉතිරි වී ගිය සුන්බුන් මඟින් හෙළිකර ගත හැකි සාක්ෂි එමටයි. මළ සිරුරක් දොඩමළු වන ආකාරය අසිරිමත් එකක්. මළ සිරුරක් ලවා හෙළි කරගන්න මෙවන් තොරතුරු හඳුන්වන්නේ නිහඬ සාක්ෂී ලෙස.
3. හොරගල හෝටලය
සමාජයේ වත්මන සිදුවන අකටයුතුකම් අතරින් කප්පම් ගැනීමෙහි සිද්ධියක් සහ අහිංසක පුද්ගලයකුගේ ඝාතනයක් සම්බන්ධ සිදුවීමක් මෙහි ඇතුළත් වේ.
රහස් පරීක්ෂණ කතාවකට එහා ගියපු මෙම කෘතිය තුළින් " අපරාධයක් සිදු කොට කිසිදා සැගවී සිටිය නොහැක සහ කවදා හෝ නීතියේ රැහැනා කොටු වීමට සිදු වේයැයි " යන ආදර්ශය සමාජයට ලබා දෙන අතර ඔබට ද මෙය කියවා රස විදිය හැකියි.
4. උඩුගම කන්ද
පෙර භවයේ හෙළි කිරීම් තුළින් අපරාධයක් හෝ මිනීමැරුමක් ඔප්පු කිරීම නීතියට පටහැනි වුවත්,ඔහුගේ හෝ ඇයගේ එම හෙළිකිරීම් තුළින් පරීක්ෂණ පවත්වා එයින් නිරීක්ෂණයකට එළඹීම තුළින් අපරාධකරුවෙකු හෝ මිනීමරුවෙකු හඳුනා ගැනීමට පුළුවන.
උඩුගම කන්ද මෙම කතාවේ අන්තර්ගතයද රහස් පරීක්ෂක කුතුහලය දනවන එවැනි එකකි.
5. යළි උපන් යුවතිය
යළි උපන් යුවතිය" යනු යොවුන් ආදරය බලෙන් ලබාගැනීමට වෙර දැරූ ධනවත්, වලව්කාර, සෙල්ලක්කාර තරුණයෙක් හා උසස් අධ්‍යාපනයේ රුවන් දොරටුව විවර කරගනිමින් උපාධිය ලැබූ යුවතියකගේත්, තවත් එවැනිම බුද්ධිමත් තරුණයෙකුගේත් කතාවකි
6. වටවල වංගුව
"රොමේෂ් කොහොමද හරියටම ඔහොම හිතන්නේ? අනිත් එක මේ සිදුවීම එහෙමනම් මිනීමැරුමක් වුණේ කොහොමද?"
"නදිනි එදා බොරුවට ලිව්ව ලියුම සර් කොහොමහරි මේ මිනීමරුවන්ට අහු වුණා. මේ මිනීමරුවා බොහෝවිට නදිනිගේ යාළුවෙක් කියලා තමයි මට හිතෙන්නේ. කොහොමහරි මේ අපරාධකාරයා නදිනිගේ ලියුම තියාගෙන ලහිරුගේ අත්සනත් ගහලා නදිනිගේ අයියා කසුන්ට තැපැල් කළා."
"එහෙමනම් කොහොමද රොමේෂ් මේ දෙන්නාව මැරුවේ ? එහෙමත් නැත්නම් මේ පාතාලෙ ළඟට නදිනිවයි ලහිරුවයි එක්කගෙන ගියේ කොහොමද?"
7. මාරකඩ අභිරහස
මාරකඩ පොලීසියේ ස්ථානාධිපති ධර්මතිලක මහතා එවකට එම පොලීසියට අනුයුක්ත වී නොසිටි නිසා එම රාජකාරිය පවරන්නේ එවකට එම පොලීසියේ සේවය කල ඉන්ස්පෙක්ටර් සරත් මැදගමටය. මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවීම භාරවන්නේ සුප්‍රකට රහස් පොලිස් පරීක්ෂක රොමේෂ් කටුලන්දටය.ඔහුගේ උපදෙස් මත අවශ්‍ය පුද්ගලයින් දැඩි කැපවීමකින් සොයාගන්නා ඉන්ස්පෙක්ටර් මැදගම අබිරහසේ අවසානයටම පැමිණෙයි.
ක්‍රමානුකූලව හා තර්කානුකූලව පිලිවෙලින් මේ පසුපස හඹායන මැදගම මහතා ,ඔහුගේ දැඩි කැපවීමත් ,කටුලන්ද මහතාගේ තීක්ෂණ නුවණත් නිසා සැකකරුවන් හෝ සැකකාරියන් නීතියේ රැහැනට අසු කර ගනීද ?
8. ගෙලිඔය හන්දිය
“මොකක්ද සර් මම කරන්න ඕනේ?”
“මැරුණ නිම්මිකා මාරසිංහගේ ගෙවල් පැත්තට ගිහින්
කුලීකාරයෙකුගේ චරිතයක් රඟපාලා ජගත් කොහොමහරි සොයා ගන්න
ඕනේ එදා නිම්මිකා පාන්දර ගේට්ටුවෙන් පිටවුණේ කොහොමද? එයා
ගියාට පස්සේ ගේට්ටුවට ඉබ්බා දැම්මේ විමලදාසද? එහෙම නැත්නම්
වෙන කෙනෙක්ද? විනුත් මාරසිංහ ගිහින් විනාඩි 45 ක් ඇතුළත
කොහොමද මේ මරණය සිදුවුණේ? නිම්මිකා ගෙදරින් පිටවුණේ
වාහනයකින්ද? එහෙම නම් ඒ වාහනේ කාගේද? වගේ ප්‍රශ්නවලට
පිළිතුරු ජගත් සොයා ගන්න ඕනේ”
9. උඩුවර තානායම
තමා කළ අපරාධයෙන් බේරීමට අහිංසකයකු නීතියේ රැහැනට කොටු කර දුන්න ද සදාතන ධර්මයේ සත්‍යතාව ලොවට කියාපාන්නක් මෙන් අතිදක්ෂ රහස් පරීක්ෂකයකු මෙම අහිංසකයා වෙනුවෙන් අපරාධකරු ලුහුබැඳ යාමට තීරණය කරයි. එහෙත් එය ඔහුට කළ හැකිවේ ද?
10. මුහුදු කොල්ලය
පාසල් අධ්‍යාපනය තුළ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයසේ පසු වු අභීත බුද්ධිමත් ශිෂයයන් පස් දෙනෙකුගේ කතාවකි මුහුදු කොල්ලය පාසල් නිවාඩු කාලයේ දී ඔවුන්ගේ ක්‍රියා කලාපය හා සාගර තරණය නිසා නීති විරෝධි අපරාධකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් වහලුන් ලෙස සේවය කළ ධීවරයන් විශාල ප්‍රමාණයක් නිදහස් කර ගැනීමටත් හැකිවූයේ මහා සාගරය තුළය
ත්‍රාසජනක සිදුවීම් කුතුහලය හා සාගර තරණයේදී ඇතිවන අත්දැකීම් පිළිබඳව ලියැවුණු මෙම මුහුදු මංකොල්ලය නව කතාව යුගයේ කාලීන කතාවකි
This Bundle Includes:
- 1.වදාකඩ වත්ත - Wadakada Waththa
- 2.යළි උපන් යුවතිය - Yali Upan Yuwathiya
- 3.ඇතුගල ඇල්ල - Athugala Ella
- 4.උඩුගම කන්ද - Udugama Kanda
- 5.වටවල වංගුව - Watawala Wanguwa
- 6.මාරකඩ අභිරහස - Marakada Abhirahasa
- 7.ගෙලි ඔය හන්දිය - Geli Oya Handiya
- 8.හොරගල හෝටලය - Horagala Hotalaya
- 9.උඩුවර තානායම - Uduwara Thanayama
- 10.මුහුදු කොල්ලය - Muhudu Kollaya
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.