
Manikkawatha - මාණික්කාවත
Language:sinhala
Pages:248
ISBN:9789550980239
SKU:PRD-000004
LKR 900
Only 10 left
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
'සෙංකොට්ටං' නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව 'මාණික්කාවත' නමින් තිළිණ කර තිබේ. කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ්රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප්රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.