
Featured
BS 0070 Secret Seven - Enid Blyton
Items:15 books
Total Weight:1.83 kg
LKR 5,250
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
15 of 15 selected1. කෙරී බ්ලූ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම - Secret Seven Book 1
LKR 350
2. මුතු මාලයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 2 -Secret Seven Book 2
LKR 350
3. එම්බර් වීදියේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 3 - Secret Seven Book 3
LKR 350
4. චීකි චාලි වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 4 - Secret Seven Book 4
LKR 350
5. ගල් අඟුරු වළේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 5 -Secret Seven Book 5
LKR 350
6. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 6 -Secret Seven Book 6
LKR 350
7. තැපැල් මලු අබිරහස - හතේ කල්ලිය වික්‍රම 7 -Secret Seven Book 7
LKR 350
8. හිස් නිවහනේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 8 - Secret Seven Book 8
LKR 350
9. අස්හලේ කොලුවාගේ අබිරහස - හතේ කල්ලිය වික්‍රම 9 - Secret Seven Book 9
LKR 350
10. වයලීන වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 10 - Secret Seven Book 10
LKR 350
11. ගිනි මැළයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 11 - Secret Seven Book 11
LKR 350
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 12 -Secret Seven Book 12
LKR 350
13. සුනඛ චෞර වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 13 - Secret Seven Book 13
LKR 350
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 14 -Secret Seven Book 14
LKR 350
15. බ්රවුනි වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 15 -Secret Seven Book 15
LKR 350
Selected Items Total:
LKR 5,250
හතේ කල්ලියේ වික්‍රම 01
ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?
වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?
ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?
හතේ කල්ලියේ වික්‍රම 02
රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ක්‍රීඩා කරමින් සිටියහ.
හදිසියේ පීටර්ට දැකගත හැකි වුයේ එහි අමුතු මිනිසෙකුද සැඟව සිටින අන්දමය. අසල පිහිටි මන්දිරයේ නැතිවූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද?
සිංහයන් කිහිප දෙනෙකු එක්ව එම මුතු මාලය ආරක්ෂා කළේ මන්ද?
හතේ කල්ලියේ වික්‍රම 03
හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි.
අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි.
රතු කොට්ටයක්, ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවක් හතේ කල්ලියට දැනිණි.
හතේ කල්ලියේ වික්‍රම 04
සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද?
වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද?
හතේ කල්ලියේ වික්‍රම 05
හිස් බිම් කඩක් වෙත ගෙන යන බල්ලන් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
හිස් වැස්මකින් මුහුණ ආවරණය කරගෙන සිටින හතරැස් මුහුණැත්තා කවරෙක්ද?
පොලීසියට අවශ්‍ය ව සිටින තට්ට හිසක් හා මුහුණේ කැළලක් සහිත අපරාධකරුට හසුවූ ළමයින්ගේ ඉරණම කුමක්ද?
හතේ කල්ලියේ වික්‍රම 06
මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි.
සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද?
ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද?
ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය.
හතේ කල්ලියේ වික්‍රම 07
හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.
ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?
තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?
හතේ කල්ලියේ වික්‍රම 08
සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද?
නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද?
අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද?
හතේ කල්ලියේ වික්‍රම 09
හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.
කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?
අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?
හතේ කල්ලියේ වික්‍රම 10
දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.
මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?
කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?
හතේ කල්ලියේ වික්‍රම 11
ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.
ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?
හතේ කල්ලියේ වික්‍රම 12
ඉපැරැණි ටොර්ලින්ග් මාලිගයේ කුලුනක කිසිවකු සැඟව සිටින බව හැඟී යයි.
ඒ අතරතුර හතේ කල්ලිය සතු දුරදක්නය ද සොරා ගැනෙයි. එය ගං පත්ලේය.
චිත්‍ර අඳින කාන්තාව සුසී හා පවසන්නේ මොනවාද?
මාලිගයේ බිම් කුටියේ ඇති රෙදි කඩමාලු මොනවාද?
හතේ කල්ලියේ වික්‍රම 13
හතේ කල්ලියේ අභ්‍යන්තර අර්බුද නිසා සාමාජිකයන් කල්ලියෙන් ඉවත් වන තැනට කටයුතු යෙදෙයි. සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් කටයුතු කළ පිරිසට හදිසියේ සිදුවී ඇත්තේ මොනවාද?
ඒ අතරතුර ඔවුන් සියලු දෙනාගේ ආදරය දිනු ස්පැනියල් වර්ගයේ බල්ලා කැම්පර් අතුරුදහන් වෙයි
සැවොම කැම්පර් සෙවීමට එකතු වෙති.
හතේ කල්ලියේ වික්‍රම 14
ජනරල්වරයා නිර්භීතව යුද වදිමින් දිනූ වීර පදක්කම් සොරා ගෙන තිබිණි. ඔහු සිටියේ මහත් කනගාටුවෙනි. ඔහුගේ සිත සැනසීම කොලින්ට බාර විය. ඒ අතරතුර හතේ කල්ලිය මහ රෑ බ්‍රැම්ලේ වනාන්තරයට ඇතුළු වූයේ කුමකටද?
සිතින් අත් ඇති මිනිසා කවරෙක්ද?
ඔවුන් සත් දෙන විශාල බල්ලකුගේ අත් අඩංගුවට පත්වූයේ කෙසේද?
හතේ කල්ලියේ වික්‍රම 15
බ්රවුනි නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින්ද? ටොලි එම අශ්වයට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි.
එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට සොරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද ?
පීටර් තද නින්දේය. ජැනට් හට පමණක් වී සොරුන් මෙල්ල කළ හැකිද?
This Bundle Includes:
- 1.කෙරී බ්ලූ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම - Secret Seven Book 1
- 2.මුතු මාලයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 2 -Secret Seven Book 2
- 3.එම්බර් වීදියේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 3 - Secret Seven Book 3
- 4.චීකි චාලි වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 4 - Secret Seven Book 4
- 5.ගල් අඟුරු වළේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 5 -Secret Seven Book 5
- 6.සිඩ්ගේ අවන්හලේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 6 -Secret Seven Book 6
- 7.තැපැල් මලු අබිරහස - හතේ කල්ලිය වික්‍රම 7 -Secret Seven Book 7
- 8.හිස් නිවහනේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 8 - Secret Seven Book 8
- 9.අස්හලේ කොලුවාගේ අබිරහස - හතේ කල්ලිය වික්‍රම 9 - Secret Seven Book 9
- 10.වයලීන වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 10 - Secret Seven Book 10
- 11.ගිනි මැළයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 11 - Secret Seven Book 11
- 12.ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 12 -Secret Seven Book 12
- 13.සුනඛ චෞර වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 13 - Secret Seven Book 13
- 14.බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 14 -Secret Seven Book 14
- 15.බ්රවුනි වික්‍රමය - හතේ කල්ලිය වික්‍රම 15 -Secret Seven Book 15
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.