
Featured
BS 0085 - Enid Blyton New Books
Items:7 books
Total Weight:1.50 kg
LKR 3,450
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
7 of 7 selected1. පර්වත මාලිගාවේ අබිරහස - Parwatha Maligawe Abirahasa
LKR 100
2. ග්‍රේලින් නිධානය - Grelin Nidhanaya
LKR 450
3. සතුරු කොදෙව්වේ වික්‍රමය - Sasthuru Kodewwe Wikramaya
LKR 550
4. රහස් කන්දේ වික්‍රමය - Rahas Kande Wikramaya
LKR 500
5. උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය - Unmanthakayage Maligaye Wikramaya
LKR 600
6. අල්ලපු ගෙදර පිරිමි ළමයා -Allapu Gedara Pirimi Lamaya
LKR 600
7. බොර්කෙන් මාලිගාවේ වික්‍රමය -Borken Maligawe Wicramaya
LKR 650
Selected Items Total:
LKR 3,450
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
1. පර්වත මාලිගාවේ අබිරහස
“දෙවියනේ” ගැටිය මත නිහඬව හිදගෙන බ්‍රොක් කල්පනා කළේය. “කවුරු හරි එනවා. අඩුම තරමින් දෙන්නෙක්වත්, ඒත් කොහෙන්ද ඒ මිනිස්සුගේ සද්දෙ ඇහෙන්නේ?” බ්‍රොක්ට ඔහුගේ කටහඬ ඇසුණත් ඔවුන් පවසන්නේ මොනවාද යන්න පැහැදිලිව ඇසුණේ නැත. ක්‍රමයෙන් වඩ වඩාත් උස්ව ඇසුණු ඒ කටහඬ පැමිණියේ රහස් මාර්ගය දෙස සිටය. “දෙවියෝ සාක්කි රහස් මාර්ගය දිගේ කවුරු හරි එනවා”බ්‍රොක් ගේ සිතට බියක් දැනිණි. “ඒ මිනිස්සු වෙන්නැති. පුළුවන් තරම් ඉක්මනට මේ ගල් පුවරුවෙන් මෙතැන වහලා දාන්න ඕනෙ.”
2. ග්රේලින්ග් නිධානය
"එහි ඇතුළත දිස්වූයේ අද්භූතාකාරයකිනි. අඳුරු සෙවණැලිවලින් ඇතුළත පිරී තිබූ අතර එය උස් හා රවුම් හැඩැති ගොඩනැගිල්ලක් සේ පෙනිණි. බිත්තියට සවිවූ රවුම් බංකුවක් ද ඈත කෙළවරක ගිනිඋදුනක් ද තිබෙනු දැකිය හැකි විය. එක පසෙක බිත්තියට සමීපව මේසයක් තිබූ අතර ඒ මත යමක් තිබෙන අයුරු ද පෙනිණි. එහෙත් ඒ කුමක් දැයි ළමයින්ට පැහැදිලිව පෙනුණේ නැත."
3. රහස් කන්දේ වික්‍රමය
අප්‍රිකාවේ මහා වන මැද පිහිටි අබිරහස් කන්දක වෙසෙන ගෝත්‍රිකයන් පිරිසක් අතරේ බි්රතාන්ය ළමයින් පිරිසක් යෙදුණු වික්‍රමයක් පිළිබඳ මෙම කතාවෙන් විස්තර වෙයි.
ලෝක ප්‍රකට ගුවන් නියමුවෝ වු අර්නෝල්ඩ් යුවළ අප්‍රිකාවේදී අතුරුදහන් වුහ. මයික්, ජැක්, නෝරා සහ පෙගී තම මවුපියන් ගැන කනස්සලු වෙද්දී ඔවුන්ගේ සහායට පැමිණියේ කවුරුන්ද?
4. අල්ලපු ගෙදර පිරිමි ළමයා
"එදින සන්ධ්‍යාවේ කිට් හමුවන්නට යාමට රොබින්ට හෝ ගැහැනු ළමයින් දෙදෙනාට අවස්ථාවක් නොලැබිණි. වැසි වැටෙන නිසා පිටතට නොගොස් ගෙය ඇතුළට වී කාඩ් ක්‍රීඩාවේ නියැළිය යුතු යැයි අම්මා ඔවුනට නියෝග කළාය. එහෙයින් ඔවුහු ආලින්දයට වී කාඩ් ක්‍රීඩාවේ යෙදුණහ. ඒ අතරතුර කිට් අල්ලපු ගෙදරට වී මහත් වික්ෂිප්තභාවයෙන් යුතුව කල්පනා කළේ කුමක් සිදුවීද? ඒ මිනිහා අල්ලපු ගෙදරට ගියේ කුමකටද? කියාය.
5. බොර්කෙන් මාලිගාවේ වික්‍රමය
පාසල් නිවාඩුව ගත කරන්නට පිටිසර පළාතකට යන ළමයින් පස් දෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවෙයි. ඔවුන් සමඟ එකතු වු දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නොවීය.ඔහු රජ කුමරකු බව අනෙක් ළමයින් සිවු දෙනා දන්නේ නැත. ඒ බව දැනගත් වහා ඔවුහු පැහැර ගැනීමකට ලක් වෙති. විදෙස් රටකදී තමන් ද බේරී රජ කුමාරයා ද බේරා ගන්නටත්,බොර්කෙන් මාලිගයේ අබිරහස විසඳා කුමරු බේරා ගැනීමට ඔවුන් දරන උත්සාහය මෙම කතාවෙන් කියැවෙයි.
6. උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
"නිවාඩුවකට පිටිසර බද පළාතකට යන ළමයින් සිවුදෙනා දකින්නේ කන්දක මුදුනේ පිහිටි මාලිගයකි. පාළුවට ගොස් තිබෙන එම මාලිගයට යන ගමනට ළමයින් සිවු දෙනාට එම පළාතේ දැරියක් ද එකතු වෙයි. මාලිගා භූමිය ඔවුනට ක්‍රීඩා පිටියක් හා සමාන වෙද්දී ගල් කුළක් මත කූඩුවක් තනාගෙන සිටින රාජාලි යුවළක් ද ළමයින්ට සමීප වෙති. එහෙත් උන්මත්තකයකුගේ සැලැස්මකට අනුව ඉදි වුවක් සේ පෙනුණ එම මාලිගයේ පොළෝ මට්ටමට යට රහස්‍ය කාමරයක සැඟව සිටි පිරිස කවුරුන්ද? ඔවුන් එහි සැඟව සිටිමින් කළේ මොනවාද? ඔවුන් ගේ අත් අඩංගුවට පත් ළමයින් බේරී ගත්තේ කෙසේද?"
7. සතුරු කොදෙව්වේ වික්‍රමය
“ටොම් ! මට ඔය දුරදක්නය දෙන්න” ඇන්ඩි ඉල්ලා සිටියේය. “ඒකෙන් එයාලව හොඳට බලාගන්න පුළුවනි”
ඇන්ඩි දුරදක්නයෙන් දෙවැනි දූපත දෙස බැලුවේය. ඉන් මුහුදු අහස්යානය ඉතා ළංව පැහැදිලිව පෙනිණි. පියාපත් මත සටහන්ව තිබූ සතුරාගේ සලකුණු ද ඔහු හොඳින් දුටුවේය. වෙරළේ රබර් බෝට්ටුවක් තිබිණි. ඉන් මිනිසුන් යමක් ගල් ගුහාවට ගෙන යන්නට ඇත. නැති නම් ඔවුන් වෙරළට යන්නට ඇත්තේ ගල් ගුහාවේ තිබෙන මොනවා හෝ අහස් යානය වෙත අරගෙන එන්නටය.
“තව කෙනෙක් අහස් යානයේ ඉන්නවා වගේ” ඇන්ඩි කීවේය. “ඕහ්... ඔන්න කීප දෙනෙක් ගුහාවෙන් එළියට එනවා”
This Bundle Includes:
- 1.පර්වත මාලිගාවේ අබිරහස - Parwatha Maligawe Abirahasa
- 2.ග්‍රේලින් නිධානය - Grelin Nidhanaya
- 3.සතුරු කොදෙව්වේ වික්‍රමය - Sasthuru Kodewwe Wikramaya
- 4.රහස් කන්දේ වික්‍රමය - Rahas Kande Wikramaya
- 5.උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය - Unmanthakayage Maligaye Wikramaya
- 6.අල්ලපු ගෙදර පිරිමි ළමයා -Allapu Gedara Pirimi Lamaya
- 7.බොර්කෙන් මාලිගාවේ වික්‍රමය -Borken Maligawe Wicramaya
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.