
කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ
Language:sinhala
Pages:256
ISBN:9789551887582
SKU:PRD-000003
LKR 400
Only 5 leftOnly 5 left in stock!
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
'ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් යානයේ ඒ වෙලාවේ හිටියේ මාරි සහ ඇගේ මල්ලී පීටර් පමණයි. මාරි 13 හැවිරිදි දැරියක්. ඇගේ මල්ලීගේ වයස අවු 8 යි. ඒ දෙන්නා පදිංචි වෙලා හිටියේ ඇමෙරිකාවේ චාර්ල්ස්ටන් නුවරයි. ඔවුන්ගේ මාමා පදිංචිවෙලා හිටියේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඞ් නුවරයි. මාරියි ඇගේ මල්ලියි ගුවන් යානයට
ගොඩවුණේ මාමා බැහැදකින්නට ඇඩිලේඞ් නුවරට යන්නයි
ගුවන් යානය ඔස්ටේරේ්ලියාවේ කන්දක් උඩින් ගමන් කරන විට මාරියි ඇගේ මල්ලිටයි පුදුම සතුටක් දැනුණා. තව ටික වෙලාවකින් ඔවුන්ට ඇඩිලේඞ් නුවරට ළඟා වෙන්න පුළුවන්.
.
එකවරම මාරිගේ මුහුණේ තිබුණ සතුටත් සිනහවත් අතුරුදහන් වුණා. ගුවන් යානයෙන් අමුතුම හඩක් නැඟුණා. මොකක් හරි වරදක්. ඊළඟ මොහොතේ ඇය බියෙන් ගැහෙන්නට වුණා. ගුවන් යානයේ ඇන්ජිම ගිනිගනිමින් තබිුණා. ඇන්ජිමෙන් ගිනි දළු නඟීනු මාරිට පෙනණා
.
'ඔක්කොම හරි. බය වෙන්න එපා' ගුවන් නියමුවා කිව්වා. එහෙම කියල ගුවන් නියමුවා හැකි තරම් වේගයෙන් යානය බිමට පහත් කළා.
මොහොතකින් ගුවන් යානය කාන්තාරය මැද්දට කඩා ගෙන වැටුණා.
යානය බිමට වැටෙනවාත් එක්කම ගිනි දැල් වඩ වඩාත් පැතිරෙන්නට වුණා. මාරියි ඇගේ මල්ලියි ඉක්මනින් යානයෙන් පැන ගත්තා. ඉන් පස්සේ හැකි තරම් වේගයෙන් දුවන්න පටන්ගත්තා.
(කාන්තාරයේ අතරමංවූ මාරි සහ පීටර් සැතැපුම් 1400ක්
පයින් ඇවිද ගොස් ඇඩිලේඩ් සොයා ගිය ලොමු දැහැගන්වන කතාව)
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.