
හිරුත් හිම පියල්ලක
Language:sinhala
Pages:89
ISBN:9789555285703
SKU:PRD-000007
LKR 520
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
කහට රසයක්
කොළඹ තේ කඩයක අහම්බෙක
කහට උගුරක් උරා සැනහෙන
වීරෙ ! විසි - තිස් වසරකට පෙර
මතකයකි හිත් කහටකින් තොර
කොහෙද වීරේ
එදා නුඹ හිස පැළඳගෙන ආ
බොකුටු කොණ්ඩය?
කොහෙද මුහුණේ දවටගෙන උන්
සිනා මල් වැල?
අහඹු ලෙස හමු වූ සැඳෑ අග
ගොඩවැදී යමු අපේ ගෙදරට
ඔය තරම් ඇස් ලොකු කරන්නට
වුවමනා නැත
තේ බඳුන් කුඩු වූ සැඳෑවක
නුඹ එදා නොකියාම පිටවුණි
එදා අඳුරේ අහම්බෙන් මෙන්
මගේ බිරිඳගෙ කඳුළු දුටුවෙමි
මාත් නොඇසූ ඈත් නොකියූ
කාරණය මම පහදගත්තෙමි
ඒත් ඉන් පසු බිඳුණු වීදුරු
මම ම අතුගා වීසි කෙරුවෙමි
ඉතිං වීරේ !
ඊට පස්සේ ගෙවුණු කාලය
කරකවාගත් රැවුලකින්
දෑස් රතු වූ ගහලයෙකු වී
කළා හරි දේ
මගේ බිරිඳගෙ කකුල කැපුවා
සීනි වැඩි වී
කල්පනාවත් අඩු යි දැං ඇගෙ
ඉන්නෙ එක තැන
බේත් හින්දා ගේත් විකිණුව
පදිංචිය දැන්
ලංසිවත්තේ කාමරේක ය
යමු වීරේ
දවසක් - දෙකක් ඉන්න බැරුව යැ ?
බීර බෝතල් දෙකක් ගෙනියමු
තිබේ කීමට තවත් වග තුග
විශිෂ්ටතම කාව්‍ය 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.